තුර්කිය තුළ යළිත් වරක් හමුදා කුමන්ත්‍රණයක් ඇති වුවහොත්, එරට සිටින බ්‍රිතාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සූදානම්ව සිටින බව බ්‍රිතාන්‍ය විශේෂ බලකාය පවසයි.
පසුගියදා එරට තුළ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසුව, කුමන්ත්‍රණයට සම්බන්ධ වූයේ යැයි චෝදනා කරමින් දස දහස් ගණනින් ආරක්ෂක අංශ ඇතුළු විවිධ පාර්ශව අත්අඩංගුවට ගැනීම හා ඔවුන් විවිධ වදහිංසාවන්ට පැමිණවීම තුළ එරට තවත් හමුදා කුමන්ත්රණයක දොරගුළු විවර වන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, එරට ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී වහා ක්‍රියාත්මක වීම සඳහා සයිප්‍රස් හි රැඳී සිටින රාජකිය ගුවන් හමුදාවට අයත් විශේෂ බලකාය සූදානමින් සිටින බව බ්‍රිතාන්‍ය පවසයි.