තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ තක්සිම් චතුරස්රයේ විරෝධතා පැවැත්වීම තහනම් කර ඇති බැවින් මෙවර මැයි දින පෙළ පාළියට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට එරට කැරලි මර්ධන පොලීසිය ක්‍රියා කර තිබිණි.
තුර්කි මාධ්‍ය පවසා සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් මැයි රැළියට සහභාගි වූ පිරිසක් තුවාල ලැබූ බවයි. තවත් පිරිසක් අත්අඩංගුවට පත්වූ බවද වැඩිදුරටත් කියවුණි.
ඊයේ (01දා) උදෑසන සිටම එම කලාපයේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ අතර, මංමාවත් හා අතුරුමාර්ග වසා දැමීමටද පොලීසිය ක්‍රියාකර තිබිණි.
තුර්කි මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුන් පරිදි පොලීසියේ 40,000ක් පමණ නගරයේ ආරක්ෂාවට පමණක් යොදවා තිබිණි.