තුර්කියේ පාබල හමුදාව උතුරුදිග සිරියාවේ කුර්දි සටන් කණ්ඩායම්වල බලය බිඳලීම සඳහා එම කලාපයට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වයි.පී.ජී. නමින් හැඳින්වෙන කුර්දි ජාතික සන්නද්ධ ප්‍රහාරක කණ්ඩායම් මෙම මෙහෙයුම හරහා තවදුරටත් පළවා හැරීම තුර්කියේ බලාපොරොත්තුව වන අතර, ඔවුන් මෙම කණ්ඩායම් හඳුන්වන්නේ ත්රස්තයන් ලෙසිනි.
මෙම කුර්දි සටන්කරුවන් පසුගියදා දේශසීමාවේ පිහිටි නගරයකට රොකට් මගින් පහරදීමත් සමග එම සටන් කණ්ඩායම් විසින් වටලා ඇති එෆ්‍රින් කලාපයේ ස්ථාන රැසකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද තුර්කිය කටයුතු කළේය.
සෙනසුරාදා රාත්රියේදී කිලිස් නගරය එලල් කරමින් ෂෙල් ප්‍රහාර රැසක් එල්ල වී තිබුණද, එම පහරදීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණි.
නමුත්, එෆ්‍රින් නලගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ඇතුළුව නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.