දකුණුදිග තායිවාන නගරයක් වූ කඕසුයින්ග් හි ගෑස් නල පිපිරීමකින් පුද්ගලයන් 25දෙනෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් 267දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
සියෑන්ජෙන්ග් දිස්ත්රික්කයේ, කඕසුයින්ග් නගරය මෙම පිපිරීමෙන් දෙදෙරුම් කෑ බව සිද්ධිය ඇසින් දිටුවෝ පවසති. එමෙන්ම පිපිරීමත් සමග මෝටර් රථ පොඩිපට්ටම් වී ගිය ආකාරයත්, භූමියේ ඉරි තැලීම් සිදුවී ඇති ආකාරයත් දැකන්නට ලැබී තිබේ.
මෙම පිපිරීම සිදුවූ ගෑස් කාන්දුව කවර හේතුවක් නිසා සිදුවූයේද යන්න පැහැදිලි නැතත්, කැඩී ගිය නලයක් හේතුවෙන් මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බවට වාර්තාවන් පවතී.
පිපිරීමෙන් පසු දැවැන් ගිනි ජාලාවක් ඇතිවී තිබෙන අතර, අසල වූ මෝටර් රථද ගින්නට හසුව තිබේ. එමෙන්ම භූමියේ ඉරිතැලීම් නිසා නගරය දෙකට බෙදී ඇති බවත් කියැවෙයි.