තායිලන්තය තුළ අනවසරයෙන් රැඳී සිටින සියලු විදේශිකයන්ට එරෙහිව පියවර ගන්නා බව මැතකදී එරට බලය අල්ලා ගත් හමුදා ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් සංඛ්‍යාත කාම්බෝජ සංක්‍රමණිකයන් තායිලන්තයෙන් පළා යමින් සිටින බව වාර්තා වෙයි.
විදෙස් පුවත් සේවා පෙන්වා දෙන පරිදි දේශසීමා කපොලු වෙත පැමිණ සිටින බොහෝ කාම්බෝජ වැසියන්ට තායිලන්තයේ වැඩකිරීම සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැති බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ, තායිලන්තයේ රැඳී සිටින අනවසර සංක්‍රමණිකයන් කාම්බෝජය වෙත රැගෙන යාමට බස්, ලොරි සහ දුම්රිය සිය ගණනක් යොදා ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය කියයි.
හමුදා පාලනයක් පවතින තායිලන්තයේ රැඳී සිටීමෙන් තමන්ට අත් විය හැකි ඉරණම පිළිබඳ නො දන්නා බැවින් බොහෝ කාම්බෝජ වැසියන් සියරට බලා යෑමට තීරණය කර ඇති බව පැවසෙයි.
තායිලන්තයේ හමුදා පාලනය මේ ආකාරයේ නව නීති රට තුළ ක්‍රියාත්මක කරමින් පවතින බව කියැවෙයි.