තායිලන්තයේ මධ්‍යම ප්‍රදේශයේ අයුත්තයා නගරයේදී සිදුවූ මගී යාත්‍රා අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
චාඕ ෆර්යා ගංගාවේදී මෙම අනතුර සිදුව තිබුණේ මගී ප්‍රවාහන යාත්‍රාව පාලම ගැටීම නිසාය. ඒ සමගම යාත්‍රාව දියේ ගිලී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 100ක් පමණ එහි ගමන් කරමින් සිටි බව කියයි.
මෙම යාත්‍රාව මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් රැගෙන යාත්‍රා කර ඇති අතර, අනතුරින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.
මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී නැවත නතාබූරි වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම ගංගාව බොහෝ අවස්ථාවල ජනයාගෙන් පිරී ගිය යාත්‍රාවලින් ගහණ බවද කියැවෙයි.