අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අපහාස වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නැගී සිටින ලෙස එරට අධිකරණ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජ්‍යත්වය විවේචනයට සමාජයෙන් බාධාවක් එල්ල විය යුතු බව පවසන අමාත්‍ය පායිබූන් කුම්චායා, එනමුදු, ප්‍රචණ්ඩත්වයට සහාය දැක්වීමෙන් වැළකිය යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.
තායිලන්ත රජුට අපහාස වන ආකාරයෙන් විවේචන සිදුකළ පුද්ගලයන් කිහිප දෙනෙකු ඒ ගැන සමාව ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුසුවීමත් සමග අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.
තායිලන්තය තුළ රාජ නීතිය ක්‍රියාත්මක නොවුණත් රාජ්‍යත්වය විවේචනය අපරාධයක් ලෙස සැලකෙන අතර, එය දිගු කාලීන සිර දඬුවමකට වුවද යටත්විය හැකි බව පෙන්වා දෙයි.