තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් යහපත් තත්ත්වයක නොමැති බව එරට රජ මාලිගය නිවේදනය කරයි.
ලෝකයේ වැඩිම කාලයක් රාජ්‍යයත්වය දැරූ භූමිබෝල් රජු 88 වැනි වියෙහි පසුවන අතර, රජුට ඉක්මන් සුවය පතා රජු ප්‍රතිකාර ලබන සිරිරාජ් රෝහල ඉදිරිපිට දහස් ගණන් ජනයා සෙත්පතන බව විදෙස් වාර්තා පවසයි.
රෝහල්ගතව සිටින රජුගේ අක්මාව වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවත්, රුධිරි පීඩනය අඩුවී, හුස්ම ගැනීම වේගවත් වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණි.
තායිලන්ත වැසියන්ගෙ අතිශය ජනාදරයට පත්ව සිටින භූමිබෝල් රජුගේ සෞඛ්‍ය පිරිහීම එරට ආර්ථිකයටද බලපා ඇති අතර, තායි භාත් අගය කඩා වැටීමටත්, එරට කොටස් වෙළෙඳ පොළ පහළ යෑමටත් මේ තත්ත්වය හේතු වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.