උතුරුදිග තායිලන්තයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් කුඩා දැරියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සඳුදා රාත්‍රී කාලයේදී වයස අවුරුදු 5 - 13 ත් අතර වයසේ දැරියන් නිදාගෙන සිටින අවස්ථාවේදී මෙම ගින්න ඇති වී තිබෙන බව පොලීසිය කියයි.
මෙම සිදුවීම ඇති වනවිට පිතක්කිආර්ට් විතායා පාසලයේ නේවාසිකාගාරය තුළ දැරියන් 38 දෙනෙකු සිට ඇති බවත්, මෙය දිළිඳු ගෝත්‍රික දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන පාසලක් බවත් කියැවෙයි.
මේ අතර, තවත් දැරියන් දෙදෙනෙකු මෙම අනතුරින් පසුව අතුරුදන් වී ඇති අතර, තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ගින්නට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය කියයි.