වසරකට පෙර තායිලන්ත මැතිවරණ පැවැත්විය යුතු බවත්, දේශපාලනික වශයෙන් සමගිසන්ධානයන් හා ප්‍රතිසංස්කරණ ඇති කිරීමට එම කාලය ප්‍රමාණවත් බවත් තායිලන්ත හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා නායකයා පවසයි.
රූපවාහිනිය තුළින් ජනතාව අමතමින් ජනරාල් ප්‍රයුත් චාන්-ඕචා පවසා සිටියේ සැලසුම් සඵල කරගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ නවතා සියලු පක්ෂ සමගි සන්ධනයෙන් කටයුතු කළ යුතු බවයි.
තායිලන්ත හමුදාව පසුගිය 22 වැනිදා හමුදා කුමන්ත්රණයකින් රටේ පාලන බලය අල්ලා ගත් අතර, මාස කිහිපයක් රට අරාජික තත්ත්වයේ පවතින වාතාවරණයක මෙසේ හමුදා පාලනයක් රට තුළ ස්ථාපිත විය.
කෙසේ වෙතත් කමන්ත්රණයේ නායකත්වය ගෙන සිටින ජනරාල්වරරයා පසුගිය සඳුදා එරට රාජකීයයන්ගෙන් රට පාලනයට අවශ්‍ය බලතල ලබාගත් බවද කියා සිටියේය.