ත්රස්තවාදීන් සියලුම දෙනා සමූලඝාතනය කෙරෙන තෙක් තමන් ත්රස්තවාදයට එරෙහිව ක්‍රියා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් කියා සිටියේය. පසුගිය ඉරිදා සහ සඳුදා දිනයේදී රැසියාවේ වොල්ගොග්‍රෑඩ් නගරය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවිමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
දුම්රිය ස්ථානයේ සහ ට්‍රොලි බස් රථයක් තුළ පුපුරා ගිය මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන්ම 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 60 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවමත් කිසිවෙකු මේවායේ වගකීම භාර ගෙන නොමැත.