ත්රස්තවාදයට එරෙහිව පැරීසියේ දැවැන්ත රැලියක්
ප්‍රංශයේ පැරිස් නගරයේ ස්ථාන දෙකක් ඉලක්ක කරමින් ජීවිත 17ක් බිලි ගනිමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මිලියන තුනකට අධික ජන සහභාගීත්වයෙන් යුතු දැවැන්ත රැලි ඊයේ (12දා) ප්රංවශය පුරා පැවැත්විණි.
එහිදී, ප්‍රංශ අගනුවර වන පැරීසියට පමණක් මිලියන 1.6ක පමණ ජනතාවක් ඒකාරාශී වී සිටි බව විදෙස් පුවත් සේවා පවසයිත
චාර්ලි හෙබ්දෝ සඟරාවේ කාර්යාලයට හා කෝෂර් සුපිරි වෙළඳ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රටේ එක්සත් බව ප්‍රකට කිරීම මෙම රැලියේ අරමුණ වී තිබුණි.
ප්‍රංශ රජය පවසන්නේ එරට ඉතිහාසය තුළ දැවැන්ත ජන සහභාගීත්වයක් සහිත රැලියක් බවට එය පත්වූ බවයි.
රැලිය ආරම්භයෙන්ම ත්‍රස්ත ප්රහාරයන් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් ගමන් කළ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්, මාලි ජනාධිපති ඊබ්‍රාහිම් බොවුබකාර් කෙයිටා, යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සහ ජෝර්දාන දෙවැනි අබ්දුල්ලා රජුද පැරිස් රැලියට සහභාගි වී සිටියහ.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

