තලේබාන් සංවිධානය සමග පැවැත්වීමට නියමිතව තිබූ මූලික සාම සාකච්ඡා කලින් සැලසුම් කළ පරිදි පාකිස්තානයේ ඉස්තාම්බුල් නගරයේදී සිදු නොවනු ඇති බව එරට රජයේ පාර්ශ්වය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සාකච්ඡා ආරම්භ වීමට පෙර 'ටෙහ්රීක්-ඉ-තලේබාන් පාකිස්තාන්' පාර්ශ්වය විසින් සාකච්ඡා සඳහා සහභාගි කරවන කණ්ඩායම පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි.
මෙම තලේබාන් සටන්කාමීන් 2007 වසරේ සිට පාකිස්ථානය තුළ කැරැල්ලක් දියත් කරමින් සිටී.
කෙසේ වෙතත් පාකිස්තානයේ බලයට පත් නව අගමැති නවාස් ෂෙරීෆ් පසුගිය සතියේ නිවේදනය කළේ සාම සාකච්ඡා ඉදිරියට ගමන් කළ යුතු බවය.
එනමුදු තලේබාන් සටන්කාමීන් පාකිස්තානය පුරා සිදුකරන ප්රචණ්ඩක්රියාවලද අඩුවක් නොවීය. ඔවුන් ජනවාරි මාසය තුළ සිදුකරන ලද පහරදීම්වලින් 100කට අධික පිරිසක් මියගිය අතර, ඉන් බහුතරය හමුදා නිලධාරීන් බව සඳහන් විය.