තලේබාන් ත්‍රස්ත ග්‍රහණයේ පැවති ඇෆ්ගනිස්තානයේ උතුරුදිග කුන්දූස් පළාතේ දිස්ත්‍රික්කයක් සිය අණසකට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
කුන්දූස් ආණ්ඩුකාර අසාදුල්ලාහ් ඕමාර්කේල් පවසන්නේ ඛානාබාද් දිස්ත්‍රික්කය මෙසේ තලේබාන් ග්රහණයෙන් මුදාගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි.
කෙසේ වෙතත්, තලේබාන් සටන්කාමීන් අතරින් පතර තවදුරටත් හොල්මන් කරන බව එම නගර වාසීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇති බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, රජයේ පාර්ශ්වය පවසන්නේ මෙම අත්පත් කරගැනීමත් සමග කුන්දූස් යා කෙරෙන ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට මේ සමග අවස්ථාව ලැබෙන බවයි.
ඇෆ්ගනිස්තානය තුළ තලේබාන් ප්‍රහාර මැඬපැවැත්වීම සඳහා පසුගිය කාලය පුරා එරට ආරක්ෂක අංශ දැඩි ප්රයන්තයක් දරමින් සිටින අතර, ත්රස්තයන්ද ඉඩ ලැබෙන අවස්ථාවෙන් ඔවුන්ගේ සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් සිටියි.