ඇෆ්ගනිස්තානයේ මූලධර්මවාදීන්ගෙන් එල්ලවන තර්ජන නොතකා එරට පොප් ගයන තරුවක වූ අර්යානා සයීඩ් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පවත්වා තිබේ.
දැඩි ආරක්ෂක පියවර යටතේ ජාත්‍යන්තර හෝටලයකදී මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර, ඒ සඳහා ඇෆ්ගන් තරුණ තරුණියන් රැසක් සහභාගී වි සිටි බව විදෙස් වාර්තා පවසයි.
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර සාමාන්‍යයෙන් දැකිය නොහැකි සංගීත සැඳෑවක් ලෙස මෙය පවත්වා ඇති අතර, පසුගිය කාලය පුරාවට කාබුල් නගරයේ පුපුරා ගිය දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ මර බියෙන්ම සිටි කාබුල් වැසියන්ට මෙම සංගීත ප්‍රසංගය වියළි වැලි කතරට වැටුණු දිය පොදක් වූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රසංගය පසුගිය සෙනසුරාදා ඝාසි ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, ආරක්ෂක තත්ත්වය මත එය අවලංගු කෙරිණි. කෙසේ වෙතත්, ගියාකා සයීඩ් සිය ධෛර්යය බිඳකදු අඩුකර නොගත් අතර, ස්ථානය වෙනස් කරමින් ප්‍රසංගය මහත් ඉහළින් පැවැත්විණි.
එමෙන්ම, ප්‍රසංගය සඳහා පුරුෂ පක්ෂයට වඩා තරුණියන් වැඩි වශයෙන් ආකර්ෂණය වීම සුවිශේෂී සිදුවීමක් බවත්, ප්‍රසංගයට එරෙහිව සිටි පිරිස් වෙත තම ශක්තිය පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත් බවත් ගායිකා සයීඩ් වැඩිදුරටත් සඳහන් කළාය.
ඇයගේ දිගු කෙස් කළඹ මෙන්ම, ස්වරූපය නිසාම ඇෆ්ගනිස්තාන කිම් කාර්ඩාෂියන් යන අන්වර්ථ නාමයෙන්ද ඇෆ්ගන් ජනතාව විසින් ඇය හඳුන්වනු ලබයි.

.jpg)