රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින දකුණු ඉන්දීය තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය නිල රාජකාරීන්ගෙන් බැහැරව සිටියද තවමත් තමිල්නාඩු ප්‍රාන්තය පාලනය කරන බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වුවත්, ඇගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, ප්‍රාන්තයේ ආණ්ඩු කරන ඇගේ AIADMK පක්ෂය පසුගියදා පවසා සිටියේ මහ ඇමතිනිය සතුව පැවති සියලු පරිපාලනමය බලතල නියෝජ්‍ය මහ ඇමති පන්නීර්සෙල්වන් වෙත පැවරූ බවයි. ඔහු දීර්ඝ කාලයක් ජයලලිතාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
ඒ අනුව, ප්‍රාන්තයේ කටයුතු පන්නීර්සෙල්වන් යටතේ පැවතියත් තවමත් ජයලලිතා විසින් ප්‍රාන්තය පාලනය කරන බව පවසන ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, ඇය නොමැතිව පැවැත්වුණු කැබිනට් රැස්වීම්වල සිටි සියලු උත්සව ජයලලිතාගේ රුව සහිත නිල ඡායාරූපයක් පෙරටු කොට පැවැත්වෙන බවයි.