ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳ පොළ ලෙස සැලකෙන චීනය ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් රථ නිෂ්පාදනය නැවැත්වීමට පිඹුරුපත් සකසයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් දැනටමත් අරඹා ඇති බව එරට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියත්, මෙය ක්‍රියාවට නංවන දිනයක් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු පවසයි.
"අපේ මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනය සඳහා මේ විචක්ෂණ තීරණය වඩාත් වැදගත් වනු ඇති බව අපේ හැඟීමයි" කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ෂින් ග්වෝබින් ෂිංහුවා පුවත් සේවයට පවසා තිබේ.
පසුගිය වසරේදී චීනය විසින් මෝටර් රථ මිලියන 28ක් නිෂ්පාදනය කළ අතර, එය ලෝකයේ සමස්ත මෝටර් රථ නිෂ්පාදනයෙන් තුනෙන් එකක පමණ ප්රමාණයකි.
මේ වනවිටත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසින් වර්ෂ 2040 දී ඩීසල් හා පෙට්‍රල් මෝටර් රථ නිෂ්පදනය නවතා දමන බව පවසා ඇති අතර, එය වායු දූෂණය හා කාබන් විමෝචනය පිටුදැකීම වෙනුවෙන් ගනු ලැබූ තීරණයකි.
මේ අතර චීන හිමිකමක් සහිත වොල්වෝ සමාගම පසුගිය ජූලි මාසයේදී පවසා සිටියේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් 2019 වසරේදී එළිදක්වන බවයි.
වොල්වෝ චීන සමාගම වන, ගීලී සමාගම 2025 දී ඉලෙක්ට්‍රික් කාර් මිලියනයක් අලෙවි කිරීම සිය අභිප්‍රාය බවද පවසා සිටියේය.