ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති හාවි සුළි කුණාඩුව පැයට කිලෝමීටර් 215ක සුළං සමග වෙරළ බඩ පළාත් වෙත දැඩි අලාභානියක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
වසර 12කට පසුව ඇමෙරිකාව වෙත බලපා ඇති ප්රබලතම සුළි කුණාටුවක් ලෙස සැලකෙන හාවි සමග ඇද හැලෙන දැඩි වර්ෂාපතනයෙන් සිදුවිය හැකි හානි තවදුරටත් ඉහළ යා හැකි බව කියයි.
මේ අතර, ජනපති ඩොනල්ඩ් ට්රම්ප් හදිසි ආපදා තත්ත්වයක් ප්රකාශයට පත්කරමින් අමතර සහනාධාර ප්රාන්තය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව කියයි.
4 වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ටෙක්සාස් වෙරළබඩ කලාපයෙන් ඇතුළු වූ සුළි කුණාටුව සමග කඩා වැටුණු වෘක්ෂයන් නිසා ඇතැම් ප්රදේශවල විදුලිබලය ඇණහිට ඇති බවද වාර්තා වෙයි.
ප්රධාන භූමියට ඇතුළු වී පැය තුනකින් පසුව සුළි කුණාටුව 3 වැනි මට්ටමේ කුණාටුවක් දක්වා පහළ දමා ඇති අතර, ඒ වනවිට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 201ක් පමණ වූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙවැනි මට්ටමේ සුළි කුණාටුවක් යනු ගොඩනැගිලි වෙත බලවත් හානියක් සිදුකළ හැකි කුණාටුවක් ලෙස පිළිගැනේ.