ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 30ක පමණ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිව්වැනි පුද්ගලයෙකු ගැන කියවුණත්, ඔහු ප්‍රතිකාර ලබාගෙන ඇතිද යන්න තහවුරු කර නැත.
මෙම වෙඩි තැබීම් සඳහා පාදක වී ඇති සිදුවීම් දෙක අතර සබඳතාවක් නොමැති බවත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සක්‍රීය ප්‍රහාරකයෙකු ගැන වාර්තා නොවන බවත් පොලිස් ප්‍රධානියා පවසා තිබේ.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා ඇමෙරිකාව තුළ සිදුවූ වර්ගවාදී ගැටුම් හේතුවෙන් එරට තුළ සාමය හා සංහිඳියාව බිඳ වැටීම නිරන්තරයෙන් දැකගත හැකි වූ අතර, පොලීසියෙන් කළු ජාතිකයන් වෙත එල්ල කෙරෙන ප්‍රහාර මෙන්ම, පොලීසිය ඉලක්ක කරමින් එල්ල වූ සමූල ඝාතනයන්ද වාර්තා විය.