ටියුනීසියාවේ බර්ඩෝ කෞතුකාගාරයේ සිදුවූ අන්තවාදී ප්‍රහාරය මූලික කරගනිමින් ත්‍රස්ත විරෝධී දැවැන්ත රැලියක් ටියුනීසියාවේ ටියුනීස් නගරයේදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ටියුනීසියාව නිදහස්... ත්‍රස්තවාදය එපා... යැයි කෑ ගසමින් දහස් ගණන් ජනතාව මෙම විරෝධතාවට එක්වූහ.
පසුගියදා සිදුවූ කෞතුකාගාර ප්‍රහාරයෙන් සංචාරකයන් 21 දෙනෙකු ඇතුළු එක් ටියුනීසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර, එම ප්‍රහාරය අනුස්මරණය කරමින් පැවති උත්සවයට ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ ප්රමුඛ ලෝක නායකයන් සහභාගි වූහ.
මේ අතර, මෙම ප්‍රහාරයට සම්බන්ධ ප්රමුඛ පෙළේ සැකකරුවෙකු ඝාතනය කළ බවද මීට පෙර ටියුනීසියාව කියා සිටියේය.