ඇමෙරිකාවේ තේරීපත් නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය අවසන්ව සතියක් ගෙවීයන තැන ප්‍රථම විදෙස් රාජ්‍ය නායක හමුව ලෙස ජපාන අගමැති ෂින්සෝ අබේ හමුවීමට නියමිත බව වාර්තා වෙයි.
ඇමෙරිකාවේ සංචාරයක් ඇරඹීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අබේ පවසා සිටියේ ඇමෙරිකාව සමග විශ්වසනීය හා ලෝක සාහය හා සෞභාග්‍ය වෙනුවෙන් එක්ව කටයුතු කළ හැකි සබඳතාවක් ඇති කරගැනීම තමාගේ බලාපොරොත්තුව බවයි.
නිව්යෝක් නගරයේදී මෙම හමුව සිදුවන අතර, මෙය අතිශය තීරණාත්මක හමුවක් වනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ජපානයේ සිටින ඇමෙරිකානු හමුදාව සම්බන්ධයෙන් එරට විවේචනයක් පවතින අවස්ථාවේදී, ට්‍රම්ප් කියා සිටියේ ජපානය ආශ්‍රිතව තවත් ඇමෙරිකානු හමුදා රැඳවිය යුතු බවයි. එමෙන්ම, ඔබාමා පාලනය විසින් ජපානය හා පැසිෆික් වළල්ලේ තවත් රටවල් සමග ඇමෙරිකාව ඇතිකර ගත් ඇතැම් ගිවිසුම් සම්බන්ධයෙන්ද ට්‍රම්ප් විවේචනය කර තිබුණි.
මේ තත්ත්වය තුළ ජපාන අගමැතිවරයාගේ මෙම සංචාරය අතිශය තීරණාත්මක වී ඇති අතර, පේරු රාජ්‍යයේ පැවත්වෙන ආසියානු පැසිෆික් වෙළෙඳ සමුළුවට සහභාගී වීම සඳහා යන අතරතුර අබේ, නිව්යෝක් වෙත පැමිණෙන බවද විදෙස් වාර්තා පවසයි.