ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී ඩොනල්ඩ් ට්රම්ප්ව දැඩිව විවේචනය කළ රිපබ්ලිකන් පක්ෂයේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ මිට් රොම්නි තේරීපත් නව ජනපතිවරයා හමුවීමට පැමිණියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේ දෙදෙනා අතර වරින් වර දෙදෙනා සම්බන්ධයෙන්ම පළ වූ අදහස්, යළි මිට් රොම්නි හා ට්රම්ප් අතර සබඳතාවක් පිළිබඳ ඉඟියක් පළ නොකළත්, තමන් සතුරන් මිතුරන් බවට පත්කර ගැනීමේ සමතෙකු බව ට්රම්ප් මෙහිදී යළි සපථ කර ඇත.
මෙම හමුවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඇමෙරිකාවේ මීළඟ රාජ්ය ලේකම්වරයා බවට මිට් රොම්නි පත්වීම පිළිබඳ ඉඟියක්ද මේ හදිසි හමුව සමග ප්රකට වීම නිසාය.
මෙම සුවිශේෂී හමුව විනාඩි 80ක පමණ කාලයක් පැවතී ඇති අතර, තේරීපත් නව ජනපති මෙන්ම මිට් රොම්නිද පවසා තිබුණේ ඉතා හොඳ හා සාර්ථක හමුවක් පැවති බවය.
ට්රම්ප් දැනටමත් සිය නව නිලධාරීන් කිහිප දෙනෙකුම නම් කර ඇති අතර, ජෙෆ් සෙෂන්ස් නීතිපති ලෙසත්, ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත්, මයික් පොම්පෙඕ බුද්ධි අංශ අධ්යක්ෂ ලෙසත්, රෙයින්ස් ප්රීබස් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්රධානියා ලෙසත්, ස්ටීව් බෙනන් මූලෝපාය ප්රධානී හා ජනපති උපදේශක ලෙසත් තෝරාගෙන තිබේ.