හමුදාව වෙත ලබාදෙන ආකාරයේ අමතර ආරක්ෂක මෙවලම් පොලීසිය වෙත ලබාදීම අවහිර කරමින් හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විසින් නිකුත් කර තිබූ නියෝගය වත්මන් ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විධායක නියෝගයක් මගින් අවලංගු කර තිබේ.
මෙම විධායක නියෝගය අනුව ඇමෙරිකානු පොලීසියට වෙඩි නොවදින හෙල්මට් සහ සන්නාහ සන්නද්ධ රථ වාහන භාවිත කිරීමට අවස්ථාව හිමිවෙයි.
මෙම තීරණය ඇමෙරිකානු සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ගනු ලැබූ නියෝගයක් බව ඇමෙරිකානු නීතිපති ජෙෆ් සෙෂන්ස් පවසා සිටියේය.
ඔබාමා පාලන සමයේදී මිසුරි, ෆර්ගියුසන් හි වර්ණභේදවාදී ගැටුම් සමග ජනතාව පොලීසිය සමග අතිකරගත් නොසන්සුන්කාරී වාතාවරණය මේ ආකාරයෙන් පොලීසියට හමුදා ආම්පන්න සීමා කිරීම සිදුවිය.
විශේෂයෙන්ම, ජනතාව පාලනයේදී පොලීසිය ආරක්ෂක මෙවලම්වලින් වඩාත් රළු ස්වරූපයක් උසුලනට බවට වූ විවේචනද මීට හේතු විය.