ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් නියෝජිත ඡන්ද 26ක් පමණක් අවශ්‍යව තිබේ.
ප්‍රකාශයට පත්ව නොමැති පෙන්සිල්වේනියා ඡන්ද ප්‍රතිඵලයද මෙහිදී අතිශය තීරණාත්මක වී ඇති අතර, එහි නියෝජිත ඡන්ද 20ක් පවතී. එමෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා සුළු ප්‍රතිශතයකින් එහි ඉදිරියෙන් පසුවන බවද කියැවෙයි.
මේ අතර, හිලරි ක්ලින්ටන්ගේ ආධාරකරුවන් ඔවුන්ගේ ප්‍රධාන ඡන්ද පොළ මූලස්ථානයෙන් ඉවත්ව යන බවත්, බොහෝ දෙනා හැඬූ කඳුලින් පසුවන බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, දැනට පවතින ප්‍රතිඵල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් තරගයේ ඉදිරියෙන් පසුවන බව විශ්ලේෂකයෝ පවසති.