ලොව පුරා සංචාරකයන් ඇදී එන ටජ් මහල ආසන්නයේ, මළ සතුන්ගේ කොටස් ගොඩ ගැසීම හේතුවෙන් ලෙඩ රෝග පැතිරිය හැකි බව සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.
ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති ලෝක ප්‍රකට ටජ් මහල අවට ප්‍රදේශය කුණු කන්දක් නිසා ගඳ ගැසීමට පටන් ගෙන ඇති බවට පරිසරවේදීහු පෙන්වා දෙති. එමෙන්ම, ඊට රජයේ අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
ඒ ආසන්න භූමි භාගයකට කුණු හා මියගිය සතුන්ගේ කොටස් ගෙනැවිත් දැමීම නිසා මෙම පාරිසරික හානිය සිදුව ඇති අතර, එය ටජ්මහල නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගේද දැඩි නොසතුටට හේතු වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර, ටජ් මහල් හා රතු බලකොටුව අතර සංචාරක කර්මාන්තය සඳහා සංවර්ධනය කිරීමට මීට පෙර යෝජනා වී තිබුණත්, දූෂණ හා වංචා චෝදනා එල්ල වීමත් සමග එම ව්‍යාපෘතියද නතර කෙරිණි.
සංචාරක මගපෙන්වන්නන් පවසන්නේ මේ හේතුව නිසා සංචාරකයන්ට ලෙඩරෝග බෝ වීමේ අවදානමක්ද ඇතිවන බවයි.