ටජ් මහල ඉන්දීය සංස්කෘතියට කැළලක් බවත්, එය ජාතිද්‍රෝහීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ දේශපාලඥයෙකු පවසා තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශපාලඥයෙකු වන සන්ගීත් සෝම් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ මීරූට් නගරයේදී සිය අනුගාමිකයන් පිරිසක් අමතමින් සිටියදීය.
උත්තර් ප්‍රදේශ් සංචාරක අත්පොතින් ටජ් මහල ඉවත්කර තිබීම සහ ඒ සමග ඇති වූ විවාදයට තුඩුදුන් කරුණු සමග මෙම අදහස් දැක්වීමද මතුව තිබේ.
"සංචාරක අත්පොතින් ටජ් මහල ඉවත්කිරීම ගැන ඇතැම් අය වේදනාවෙන් අදහස් දක්වා තිබුණා."
"උත්තර් ප්‍රදේශ් හා හින්දුන්ථානයේ සිටින බොහෝ හින්දූන් ඉලක්ක කරමින් ටජ් මහල ඉදිකළා නොවන්න පුළුවන්ද?"
"එසේ නම් මේ ඉතිහාසය හරිම අවාසනාවන්ත ඉතිහාසයක්. මේ ඉතිහාසය වෙනස් කරන්න අප සූදානම්."
ෂා ජහාන් නමැති මුස්ලිම් මෝගල් අධිරාජ්‍යයා විසින් වර්ෂ 1643දී ටජ් මහල ඉදිකරනු ලැබුවේ තම ආදරණීය බිරිඳක් වෙනුවෙනි.