ඉරාකයේ ප්‍රධාන නගර එකිනෙක රජයේ පාලනයෙන් ගිලිහී ගියද අගමැති නොයුරි මලිකි වෙත හදිසි තත්ත්වයන් වෙනුවෙන් වූ බලය පැවරීම සඳහා එරට පාර්ලිමේන්තුව කල් මරමින් සිටින බව වාර්තා වෙයි.
එහිදී අගමැතිවරයාගේ ඉල්ලීම වෙනුවෙන් කැමැත්ත පළ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 325 දෙනාගෙන් 128 දෙනෙකු පමණි.
මේ අතර, උතුරුදිග ඉරාකයේ කිර්කුක් නගරයේ බලය කුර්දිස් සටන්කාමීන් අල්ලා ගත් බවත්, රජයේ හමුදා නගරය හැරගිය බවත් වාර්තා වෙයි.
එසේ කුර්දිස් සටන්කාමීන් කිර්කුක් නගරයේ බලය අල්ලා ගත්තේ, සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදුම්ලත් සටන්කාමීන් මොසුල් හා ටික්රිට් යන නගරවල බලය අත්පත් කරගැනීමෙන් පසුවය.
ඉරාකය හා ඒ ආශ්රිත රටවල එකතුවෙන් ඉස්ලාමීය රජ්‍යයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජිහාඩ් සටන්කාමීන් තවදුරටත් ඉරාකයේ දකුණුදිග නගර වෙත ගමන් කරනු ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන බැග්ඩෑඩ් නගරයද මේ වනවිට අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.