ස්පාඤ්ඤයේ, බාසිලෝනා හි ජීවිත 15ක් බිලිගනිමින් සිදුවූ ජිහාඩ් ත්රස්ත ප්රහාරයෙන් පසුව ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තවාදයට එරෙහිව බාසිලෝනා නගරයේදී දැවැන්ත පෙළපාළියක් සංවිධානය වී තිබුණි.
මෙම දැවැන්ත පා ගමන සඳහා 6 වැනි ෆිලිපේ රජු මෙන්ම, අගමැති මරියානෝ රජෝයි සහභාගී වූ බව විදෙස් වාර්තා පවසයි.
ස්පාඤ්ඤ රජ පෙළපත වර්ෂ 1970න් පසුව යළි ස්ථාපිත වූ පසුව මෙවැනි දැවැන්ත පෙළපාලියක් සඳහා රජු සහභාගී වූ ප්රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
එමෙන්ම, ලාස් රම්බ්ලාස් ප්රහාරයේදී මිනිස් ජීවිත බේරාගැනීම සඳහා සිය මෙහෙවර නොපිරිහෙළා ඉටුකළ ගිලන් රථ කාර්ය මණ්ඩලය මෙන්ම, අවට කඩ සාප්පුවල සිටි සේවකයන් ලබාදුන් උපකාරයද මෙහිදී කෘතගුණ පූර්වකව සිහිපත් කරනු දැකිය හැකිවිය.
'මම බය නෑ' යන තේමාවෙන් යුතුව, ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදයට ස්පාඤ්ඤය බිය නොවන බව පවසමින් පැවති මෙම විරෝධතා රැළිය වෙත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල්ල වූ වෑන් රථ ත්රස්ත ප්රහාරය මෙන්ම, ඉන් අනතුරුව එල්ල වූ කාර් රථ ප්රහාරයෙන් ජීවිත හානි 15ක් සිදුවී සිය ගණනක් තුවාල ලැබීය.