ජිහාඩ් සටන්කාමීන් ග්‍රහණයේ පැවති පිලිපීනයේ දකුණුදිග මරාවි නගරයේ බලය යළි අත්පත් කරගත් බව ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ අවධාරණය කරයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය වැසියන් 20 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින සටන්කරුවන් 30ක් සමග තවමත් හමුදාව ඉතා කුඩා ප්‍රදේශයක සටනක නිරතව සිටින බවද පිලිපීන හමුදාව පවසයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධතා පවතින ජිහාඩ් ත්රස්තවාදීන් පසුගිය මැයි මාසයේදී මරාවි නගරය වෙත ප්‍රහාරයක් එල්ල කරමින් නගරයේ බලය සියතට ගනු ලැබීය.
කාලයක් පුරා මුස්ලිම් ජනාවාස බිහිවෙමින් පැවති මරවි නගරය පිලිපීනයෙන් කඩා වෙන්කර ගනිමින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීම ඔවුන්ගේ ඉලක්කය විය.
කෙසේ වෙතත්, පිලිපීන ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රතිපත්ති හමුවේ මෙම මූලධර්මවාදී කණ්ඩායම්වලට වැඩි කාලයක් එහි බලය අත්පත් කරගැනීමට අවස්ථාවක් නොවූ අතර, මෙම ජිහාඩ් අන්තවාදය සහමුලින්ම පිලිපීනයෙන් අතුගා දමන බව ඩුටාර්ටේ අවධාරණය කර තිබුණි.