නිව්යෝක් හි මෑන්හැට්න් නුවරදී ට්‍රක් රථ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ජිහාඩ් ත්රස්තවාදියා ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇති විවිධත්ව වීසා වැඩසටහන (ග්‍රීන්කාඩ්) නැවැත්වීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
ඉන් නොනැවතී, ඇමෙරිකානු නීති පද්ධතියටද චෝදනා එල්ල කළ ට්‍රම්ප් කියා සිටියේ මෙම සැකකරු කියුබාවේ, ග්වාතනාමෝ බේ කඳවුර වෙත යැවීමට තමන් අදහස් කරන බවයි.
"මෙවැනි සතුන් වෙනුවෙන් දඬුවම් පමුණුවන විට දැනට පවතින ක්‍රමවේදයට වඩා වේගවත් සහ දැඩි දඬුවම් ලබාදීමක් අවශ්‍ය වෙනවා" යැයි ට්‍රම්ප් පවසා තිබුණේ එම ත්‍රස්තවාදී ක්රියාවේ ම්ලේච්ඡත්වය නිසාම විය හැකිය.
කෙසේ වෙතත්, ඇමෙරිකාව වෙත මේ වනවිට සංක්‍රමණ තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට උස්බකිස්ථානය ඇතුළත් කරගැනීමේ අදහසක් නොමැති බවද ඇමෙරිකානු බලධාරීහු පවසති.
නිව්යෝග් ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ ක්යුමෝ පවසා සිටියේ මෙම ත්රස්තවාදියා ඇමෙරිකාව තුළදීම ඉස්ලාම් ත්රස්තවාදයට ගොදුරුවී ඇති බවයි. මේ අතර, නිව්යෝක් නගරයේ ආරක්ෂාව තර කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති අතර, විශේෂයෙන්ම නගරයේ මර්මස්ථාන වෙත වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් මෙන්ම, වෙස් වලාගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද නගරය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.