නව යොවුන් වියේ ගායකයෙකු ලෙස කලඑළි බැස, ඉතා කෙටි කලකින්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැග, ඒ ජනප්රියත්වයම දරාගත නොහැකිව අද අයාලේ යන නොහික්මුණු චරිතයක් බවට පත්ව ඇති කැනේඩියානු ජාතික පොප් ගායක ජස්ටින් බීබර් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු, පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීම් හමුවේ ‘බලුවෙන’ ආකාරය දැක්වෙන වීඩියෝවක් මියාමි බීච් පොලීසිය විසින් ප්‍රසිද්ධ කරන ලදී.
බීබර්ටම ආවේණික රතු වර්ණයෙන් යුතු සපත්තු පැළඳ, තට්ටම පෙනෙන තෙක් පහළට රූරා වැටෙන කලිසමකින් සැරසී පොලීසිය වෙත පැමිණි පසු, පොලිස් නිලධාරීන්ගේ අණින් සපත්තු ගලවා මේසයක් මත තබන ආකාරයත්, පසුව මේස් කුට්ටමද ගලවමින් සපත්තු තුළට දමන ආකාරයත් මියාමි බීච් පොලීසියේ සී.සී.ටී.වි. කැමරාවල පැහැදිලිව සටහන් වී තිබේ. ඉන් නොනැවතී, ඉදිරියෙන් වූ ආසනය මත දෑත් තබා දිගඇදී සිටින බිබර්ගේ කලිසම්, කමිස අදිමින් ඔහුව පරීක්ෂාවට ලක් කරන ආකාරයත්, ඇඳුම් ආයිත්තම් ගලවා දමන ලෙසට පොලිස් නිලධාරියා කරන අණ කිරීම් හමුවේ තිගැස්සුණු මුව පොව්වෙකු මෙන් බීබර් ක්‍රියාකරන ආකාරයත් එම වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැකගන්නට ලැබේ.
කෙසේ වෙතත් අදාළ රූපරාමු එම දර්ශනයෙන් නවතින අතර මියාමි බීච් පොලීසිය සතුව බීබර් සම්බන්ධ තවත් වීඩියෝ දර්ශන රැසක් පවතින බවද කියැවෙයි. ඒ අතර, සිර කූඩුව තුළ බීබර් මුත්‍රා කරන වීඩියෝවක්ද පවතින බව කියැවෙයි.
අධික වේගයෙන් රිය පැදවීම, මරිජුවානා හා මත්පැන් පානය කර රියපැදවීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිවීම, සෝදිසි කළ පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් තර්ජනය කිරීම් ආදී නොයෙක් චෝදනා යටතේ අත්ඩංගුවට පත්ව බීබර් සිරගත කෙරුනේ මීට සති කිහිපයකට පෙරදීය. කෙසේ වෙතත් ඉන්පසු අධිකරණ ක්රියාමාර්ගයකින් මුදල් ඇප මත නිදහස ලබා නැවත පැමිණි පසුවත් වීරයෙකු සේ ලෝකයා ඉදිරියේ පෙනී සීටීමට බීබර් තැත් කළේය. නමුත්, මියාමි පොලීසිය විසින් මෙම වීඩියෝව ප්‍රසිද්ධ කිරීමත් සමග බීබර්ගේ ඒ සියලු වීරකම් බලුවී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එවැනි තත්ත්වයක් තුළ බීබර් මෙන්ම බීබර් පවුල දැඩි තැතිගැන්මකට පත්ව ඇති බව කියැවෙන්නේ, එවැනි තවත් වීඩියෝ ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස පවසා බීබර්ගේ නීතීඥයන් වහ වහා ක්‍රියාකිරීම අරඹා ඇති නිසාය. බීබර් මුත්‍රා කරන වීඩියෝවේ ඔහුගේ පෞද්ගලික අවයව පවා පෙනෙන නිසා එය කිසිසේත්ම ප්‍රසිද්ධ නොකිරීමට නියෝග කරන ලෙසත්, යම් වීඩියෝවක් ප්‍රසිද්ධ කරන්නේ නම් ඊට පෙර ඒවා තමන්ට පෙන්වන ලෙසත් බීබර්ගේ නීතීඥයන් අධිකරණයට දන්වා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, බීබර් සම්බන්ධ ප්‍රථම වීඩියෝවේදී, එරට පොලිස් නිලධාරීන් සාමාන්‍ය චූදිතයෙකු පරීක්ෂා කරන ආකාරයෙන්, කිසිදු විශේෂත්වයක් නොදක්වමින් බීබර් පරීක්ෂා කිරීමද පැසසිය යුතුය. මන්දයත්, මෙය ඉන්දියන් සාගරයේ ඇති අඹගෙඩියක් වැනි රටේ වුණා නම්, ඒ රටේ පොලිස් නිලධාරීන් බීබර් ඔසවාගෙන ගොස් පොලිස් ප්‍රධානියාගේ පුටුවෙහිම හිඳුවා ගරු සත්කාර දක්වන බව ඒ රටේ මිනිසුන්ට අරුමයක් නොවන බැවිනි.
ජස්ටින් බීබර් බලුවෙන වීඩියෝව නැරඹීමට මේ ‘ලින්ක්’ එක ‘ක්ලික්’ කරන්න.
http://www.youtube.com/watch?v=LabkiZIIj5g