ඉතිහාසයේ දීර්ඝතම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ජර්මනියේ ජනජීවිතයට දැඩි බලපෑමක් ඇති කර ඇති අතර, එය 1989 වසරේදී බර්ලීන් තාප්පය කඩා ඉවත් කිරීමේ සැමරුම කෙරෙහිද බාධා ඇති කර ඇති බව වාර්තා වෙයි.
ජර්මනියේ දුම්රිය වෘත්තීය සමිති විසින් ගෙනයන මෙම වැඩවර්ජනය පසුගිය සඳුදා ආරම්භ වූ අතර, දුම්රිය සේවකයන් 20,000ක් පමණ සේවයෙන් ඉවත්ව මීට සම්බන්ධ වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් දුම්රිය වැඩවර්ජනයට පිළිතුරු සෙවීම සඳහා එරට දුම්රිය සේවය උත්සාහ ගනිමින් සිටියත්, සමාගම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා වර්ජකයන් විසින් ප්රතික්ෂේප කර ඇති බවද කියැවෙයි.
ජර්මානු ඉතිහාසයේ මෙතරම් කාලයක් දුම්රිය වැඩවර්ජනයක් මීට පෙර නොපැවැත්වී ඇති අතර, මෙම වැඩවර්ජනය බර්ලීන් තාප්පය කඩා බිඳ දමා 25 වැනි සංවත්සර සැමරුම පැවැත්වීමේ බාධාවක්ද ඇති කර තිබෙන බව කියයි.