ජර්මනියේදී ඔත්තු බැලූ බවට චෝදනා ලැබ සිටින ඇමෙරිකානු රාජ්ය ආරක්ෂක ඒජන්සියේ නිලධාරීන් (CIA) සම්බන්ධ සිදුවීම් දෙකක් හරහා ඔවුන් රටින් පිටුවහල් කිරීමට ජර්මානු රජය සලකා බලමින් සිටින බව බී.බී.සී.ය පවසයි.
බර්ලීන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ CIA නිලධාරීන් ලෙස කටයුතු කරන ආකාරයට මොවුන් පෙනී සිටීමෙන් වඩාත්ම කෝපාවිශ්ඨ වී ඇත්තේ ජර්මානු දේශපාලඥයන්ය.
මේ අතර, ජර්මානු බුද්ධි අංශයේම සේවය කළ 31 හැවිරිදි පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේද ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වෙමිනි.
එමෙන්ම, ජර්මානු සොල්දාදුවෙකුට එරෙහිවද පරීක්ෂණයක් පැවැත්වෙන බව එරටින් වාර්තා විය.