ජර්මනියේ, ඩ්රෙස්ඩෙන් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් හා සම්මන්ත්රණ ශාලාවක් ඉලක්ක කරමින් බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී තිබේ.
නිවසේ සාදා ඇති මෙම බෝම්බ ප්රහාරවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා පොලීසිය උපුටා දක්වමින් කියයි.
ජර්මනියේ එක්සත් දින සැමරුමට දින කිහිපයක් තිබියදී මෙම බෝම්බ ප්රහාරයන් එල්ල වීමද විශේෂත්වයකි. මෙම උත්සවයට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්ද සහභාගී වීමට නියමිත අතර, නැගෙනහිර හා බටහිර ජර්මනිය යළි ඒකාබද්ධ වීමේ 26 වැනි සංවත්සරය මෙහිදී සැමරෙයි.
පළමු වැනි බෝම්බය පල්ලිය ආසන්නයෙත්, දෙවැන්න සම්මන්ත්රණ ශාලාව ආසන්නයේදීත් පුපුරා ගොස් ඇත්තේ මිනිත්තු කිහිපයක කාල පරාසයකය.
කෙසේ වෙතත්, ප්රහාරය පසුපස කවුරුන් සිටියේද යන්න මෙතෙක් අනාවරණය වී නොහැති අතර, ප්රහාරය සඳහා කවරෙකුගේ පෙළඹවීමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.