ජර්මනියේ අඩි 3,280ක් පමණ ගැඹුරු ගුහාවක් තුළ අනතුරට ලක්ව සිටින 52 හැවිරිදි පුද්ගලයෙකු බේරා ගැනීම සඳහා එරට මුදා ගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්රමයක නිරත වන බව වාර්තා වෙයි.
ජර්මනියේ ගැඹුරුම ගුහාව ලෙස සැලකෙන මෙම ගුහාවේ සිට කඹ යොදා පිටතට පැමිණීමට සාමාන්‍යයෙන් පැය 12ක පමණ කාලයක් ගතවන බව කියැවෙයි.
මෙම මෙහෙයුම වෙනුවෙන් මුදාගැනීමේ පිරිස් 200ක් පමණ සහභාගි වී සිටින අතර, දකුණුදිග ජර්මනියේ, බර්ච්ටෙස්ගාඩ්න් හි උමග පිහිටා තිබේ.
ඊයේ වනවිට පළමු මුදාගැනීම් සාමාජිකයා අනතුරට පත්ව සිටින පුද්ගලයා ආසන්නයට ළඟා වූ බව වාර්තා විය.
කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පා සිටින පුද්ගලයාගේ නම හෙළි කිරීමට බලධාරීන් කටයුතු කළේය.
\