අද (13දා) ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ජර්මානු කණ්ඩායමට ජයග්‍රහණය පතන බංග්ලාදේශ ජාතික ගොවියෙකු කිලෝ මීටර් තුනහමාරක් දිග ජර්මානු කොඩියක් නිර්මාණය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
බංග්ලාදේශයේ බටහිර මගුරා දිස්ත්‍රික්කයේ ජීවත් වන අම්ජාඩ් හුසෙන් නමැති මෙම ගොවියා, මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට මූලිකම හේතුව වී ඇත්තේ තම අසනීපයන්ට ජර්මනියෙන් ආනයනය කළ ඖෂධවලින් සුවයක් අත්වීමය.
ඒ අනුව, 2005 වසරේ සිට තමන් ජර්මානු ක්‍රීඩා ලෝලියෙකු බවට පත්වූ බව මොහු වැඩිදුරටත් පවසා ඇත.
ඔහු තම ජර්මානු ක්රීඩලෝලීත්වය සනිටුහන් කරමින් මගුරා දිස්ත්‍රික්කයේදී මේ දැවැන්ත ජර්මානු ධජය දිගහරිනු ලැබූ අවස්ථාවට බංග්ලාදේශයේ වැඩබලන ජර්මානු තානාපතිවරයාද සහභාගි වී ඇති බව එරටින් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙහි තවත් සුවිශේෂීම සිදුවීමක් වන්නේ ඔහු එම ධජය නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තම වගා බිමෙන්ද කොටසක් විකුණා දමා ඇති නිසාය.
එම ධජය නිර්මාණය කිරීමට ඇ.ඩො.3,000ක් (රු.ලක්ෂ 4කට ආසන්න මුදලක්) වැය වී ඇති බව ඇස්තමේන්තු කර තිබේ.