ජර්මනිය තුළ සරණාගතභාවය ඉල්ලන සංක්‍රමණික පිරිස මේ වසර තුළ මිලියන එකහමාර ඉක්මවනු ඇති බවත්, එය මීට පෙර සිදුකළ පුරෝකථනයන්හි දෙගුණයක වැඩිවීමක් බවත් ජර්මානු මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, මෙම නව ඇස්තමේන්තු සම්බන්ධයෙන් ජර්මානු රජය නිල තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර, එය අභ්‍යන්තර වාර්තාවක් තුළින් මාධ්‍ය වෙත නිකුත් වී ඇති බව කියයි.
එමෙන්ම, අදාළ වාර්තාවට අනුව සරණාගතයන් වෙනුවෙන් වූ සේවා ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දී තිබේ.
මීට අමතරව, එරට මධ්‍ය දක්ෂිණාංශික කලාප අමාත්‍යවරයෙකුද පවසා තිබුණේ මෙම වසර තුළ මිලියන 1.2 - 1.5ත් අතර සංක්‍රමණිකයන් ජර්මනියට පැමිණෙනු ඇති බවයි.