ජර්මනිය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ අයෙක් සොයයි
ජර්මනිය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිරියාවේ උපත ලැබූ 22 හැවිරිදි තරුණයෙකු පසුපස ජර්මානු පොලීසිය ලුහුබඳියි.
ජබර් අල්බකර් ලෙස හඳුනාගෙන ඇති මොහු ඩැමස්කස් සිට ජර්මනිය වෙත පැමිණි සංක්‍රමණිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා සොයා ජර්මනියේ කෙමින්ට්ස් නගරයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර, නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, තවත් පුද්ගලයෙකු නගර මධ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔවුන් විශ්වාස කරන්නේ මොවුන් මෙම ත්‍රස්ත සැකකරු සමග සබඳතා පැවැත්වූ බවයි.
මෙම පුද්ගලයා ලැගුම්ගත් ස්ථානයක් ලෙස සැකකෙරෙන ස්ථානයක තිබියදී පොලීසිය වෙත පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද හමුවී තිබේ.
ජර්මානු බුද්ධි අංශ විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, පසුව පොලීසිය විසින් ඒවා අත්අඩංගුවට ගෙන මෙම සැකකරු සොයා මෙහෙයුම් දියත් කර තිබේ.
එමෙන්ම, සැකකරුගේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඔහු පිළිබඳ හෝඩුවාවක් ලබාගැනීමට මහජන සහාය පතා තිබේ.
යුරෝපය වෙත ඇදී ආ මිලියන ගණනක් වූ සංක්‍රමණිකයන් සමග ඉස්ලාම් අන්තවාදීන්ද යුරෝපයට ඇතුළු වීම නිසා මේ වනවිට යුරෝපා කලාපයම දැඩි ත්‍රස්ත අවදානමක පවතින අතර, පසුගිය කාලය පුරාවට ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු ස්ථාන රැසක ත්‍රස්ත ප්‍රහාර දියත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

