ඔහු නම් දරුවේ බ්ලේඩ් රනර් ලෙසිනි. ඉතිහාසය වෙනස් කළ, ආබාධිතයෙකුගේ වික්‍රමාන්විත ආගමනය පසක් කළ ක්‍රීඩකයා බවට ඔහු පත්විය. නමුත්, ඒ අයෝමය පාදයන්ගෙන් නැගී සිටි මිනිසා අද, අතිශය අසරණව උසාවි භූමියක නොමැරී මැරෙන මිනිසෙකු ලෙසින් කඳුළු වගුරුවමින් සිටින ආකාරය දැකිය හැකිය.
ඔස්කාර් පිස්ටෝරියස් යනු ලෝක ප්‍රකට කෙටිදුර ධාවකයෙකි. ඔහු සෙසු ක්‍රීඩකයන්ගෙන් වෙනස් වූයේ, පාද අහිමි වූවෙකු ලෙස බොරු කකුල් දෙකක් (බ්ලේඩ්) ආධාරයෙන් සාමාන්‍ය ක්‍රීඩකයන් සමග කරට කර තරග වැඳුණු ක්‍රීඩකයෙකු නිසාය. ලෝකයම මවිත කරමින් දකුණු අප්‍රිකාව නියෝජනය කර ඔලිම්පික් පිටියට පවා පැමිණි ඔස්කාර මේ ඉරණමට මුහුණ දී සිටින්නෙ සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් මරා දැමුවේ යැයි කියන චෝදනා මතය.
ඔස්කාර්ට එරෙහි නඩු විභාගය මේ දිනවල පැවැත්වෙන අතර, ලොවම ඒ දෙස විමසිල්ලෙන් සිටී. මේ අතර, ඊයේ ඔහු උසාවි භූමියට පැමිණියද එදින නඩුව අතරතුරදී ඔස්කාර් අතිශය ඛේදජනක හා උන්මත්තක ස්වරූපයකට පත්ව සිටින ආකාරයක් විදහා දැක්වීය.
සිය පෙම්වතියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ කරුණු එකිනෙක දිගහැරෙද්දී ඔහු උසාවිය තුළ කඳුළු වගුරුවමින් වමනය කළ වාර අනන්තය. ඒ කතා නෑසෙන සේ තම දෙසවන් දෑතින් තද කරගෙන වසා සිටි වාර අනන්තය.
තමන් දැනුම්වත්ව සිය පෙම්වතියට වෙඩි තැබීමක් සිදු නොකළ බව ඔස්කාර් මෙන්ම ඔහුගේ නීතීඥයන් පුන පුනා කීවද රූපවාහිනිය ඔස්සේද සජීව ප්‍රචාරයක් ලබාදෙන මේ නඩු විභාගයේ ඔස්කාර්ට එරෙහි සාක්ෂි එකිනෙක ගොනු වී ඇත.
එදා බ්ලේඩ් රනර් ලෙස ලොවක් මවිත කරමින්, තම අභාග්‍ය සම්පන්න ජීවිතයට භාග්‍ය එකතු කළ මේ මිනිසා උන්මත්තකයෙකු බවට පත්වන දිනය වැඩි ඈතක නොවනු ඇති බව පවසන්නෝ අද බොහෝය.