ජපානයේ උට්සුනෝමියා නගරයේ සිදුවූ පිපිරීම් පුද්ගල සියදිවි හානි කරගැනීමක් සමග ඇති වූ පිපිරීම් බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඉරාදා උදෑසන සිදුවූ පිපිරීම්වලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.
උතුරු ටෝකියෝවේ, ටොචිගි පළාතේ උදෑසන 11.30 ට පමණ මෙම පිපිරීම් එකවර සිදුව තිබුණු අතර, පිපිරීමත් සමග අසල රථ ගාලක තිබූ මෝටර් රථ දෙකක් ගිනිගෙන තිබුණි.
මෙසේ ගිනිගත් එක් මෝටර් රථයක් තුළ සියදිවි හානිකර ගැනීමේ ලියවිල්ලක් තිබී පොලීසියට හමුවී ඇති අතර, ඔහු එම රථයේ හිමිකරු වන 72 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ. එරට ජීවිතාරක්ෂක බලකායේ හිටපු සමාජිකයෙකු ලෙස හඳුනාගෙන ඇති ඔහුගේ නිවස එම පිපිරීමට පැය කිහිපයකට පෙර ගින්නකට හසුවී විනාශ වී ඇති බවද පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.