ක්රිමියාව රුසියාවේ කොටසක් බවට පත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් ඊයේ පැවති ජනමත විචාරණයේ පූර්ව ප්‍රතිඵල අනුව ක්රිමියාව රුසියාවට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ රාත්‍රිය වනවිට ගණනය කරනලද 50%ක් වූ ඡන්දවලට අනුව 95% ක පමණ ක්‍රිමියා ජනතාවක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, ක්‍රිමියා ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කොට තිබෙන්නේ රුසියාවට පක්ෂපාතී ජනතාව පමණක් බවද බී.බී.සී.ය පවසයි.
ක්‍රිමියාවේ බරපතල ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනත් රුසියානු ජාතිකයන් බහුතරයක් පිරිසක් වෙසෙන නැගනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ පසුගිය දින කිහිපය ඇතුළත ගැටුම්වලින් සිවු දෙනකු මරුමුවට පත් වූ බවද වාර්තා වෙයි.
මේ අතර, මෙම ජනමත විචාරණය නීති විරෝධී බව බටහිර රටවල තර්කය වී තිබේ.