කාම්බෝජයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු එරට ජනප්‍රිය නිළියකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් එම නිළිය විසින් අන්තර්ජාලයට එකතු කිරීමත් සමග ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
එරට ෆෙනොම් ෆෙන් අගනගරයේ අවන්හලකදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහි සීසීටීවී කැමරාවල එහි දසුන් පටිගත වීම හේතුවෙන් සැකකරු හඳුනාගැනීමට පහසු වී තිබේ.
37 හැවිරිදි සෝක් බන් නැමති මෙම ප්‍රකට ව්‍යාපාරිකයා ප්‍රහාරයෙන් පසුව සිංගප්පූරුවට පැනගොස් ඇති අතර, පොලිස් පරීක්ෂණ ඇරඹීමත් සමග නැවත කාම්බෝජයට පැමිණ තිබේ.
නැවත පැමිණෙන විට ෆෙනොම් ෆෙන් ගුවන් තොටුපොළේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ප්රචණ්ඩ හැසිරීම හා හිතාමතා තුවාල සිදුකිරීම යන චෝදනා ඔහුට විරුද්ධව ගොනුවනු ඇති බව පැවසෙයි.