චීනයේ දැවැන්තම දේශපාලන වැඩසටහන ලෙස සැලකෙන කොමියුනිස්ට් පක්ෂ සමුළුව දැඩි ආරක්ෂාවක් යටතේ බීජිං නුවරදී ආරම්භ විය.
පක්ෂ නායක සහ චීන ජනපති ෂී ජින්පිං විසින් එරට අගනුවරදී සමුළුවට සහභාගී වන දේශපාලඥයන් ඇතුළු ආරාධිතයන් 2,000ක් පමණ මෙම සමුළුවේදී ඇමතීමට නියමිතය.
ලෝකයට විවෘත නොවී පැවැත්වෙන මෙම සමුළුව සෑම වසර පහකටම වරක් සංවිධානය වන අතර, එහිදී, චීනය පාලනය කරන්නේ කවුද සහ ඉදිරි පාලන කාලය සඳහා රටේ සුක්ඛානම රැගෙන යන්නේ කවුද යන්න තීරණය කරයි.
2012 වසරේදී චීනයේ ජනපති පදවියට පත් ෂී, මේ වනවිටත් පක්ෂයේ දැවැන්ත ප්රසාදයක් අත්පත් කරගෙන සිටින අතර, ඔහු තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳෙනු ඇති බව විශ්වාස කෙරෙයි.
මේ අතර, පසුගිය වර සමුළුවේදී ඉදිරිපත් කෙරුණු චීනයේ පස් අවුරුදු සැලසුම අවසන් වෙමින්, මෙවර සමුළුවේදී චීනයට තවත් පස් අවුරුදු සැලසුමක් ඉදිරිපත් කිරීම සිදුවන අතර, එය ලෝක දේශපාලනයේ චීනය වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති..