රාජ්‍යයන් 8කින් ඇමෙරිකාව වෙත පැමිණෙන සංක්‍රමණිකයන් සීමාකිරීම සඳහා ජනපති ට්‍රම්ප් විසින් ලබාදුන් නවතම විධායක නියෝගය ෆෙඩරල් අධිකරණයක් විසින් ඉවත දමා තිබේ.
මෙම සතියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ මෙම නියෝගය ෆෙඩරල් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් මෙසේ ඉවත දමා තිබේ.
මෙම නවතම විධායක නියෝගය අනුව ඉරානය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව, චාද්, උතුරු කොරියාව මෙන්ම ඇතැම් වෙනිසියුලානු ජාතිකයන් වෙතද බලපැවැත්වෙන පරිදි ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාලනය ක්‍රියාකර තිබුණි.
මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කරමින් පැනවූ විධායක නියෝගය අධිකරණය විසින් ඉවත දැමූ අතර, පසුව ඊට වෙනස්කම් කරමින් එය යළි ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාලනය ක්‍රියා කළේය.
ඒ අනුව, මේ ආකාරයෙන් ඇමෙරිකානු අධිකරණය විසින් අවහිර කරනු ලැබුවේ ජනපති ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තෙවැනි විධායක නියෝගයයි.