ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ පසුගිය ජනවාරි මාසයේ සිදුකළ බෝම්බ හා වෙඩි ප්රහාර සඳහා බෝම්බ සෑදීමට උදව් කළ 23 හැවිරිදි IS හිතවාදියාට වසර 10ක සිර දඬුවමක් නියම වෙයි.
මෙම බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එය වසර කිහිපයකින් රට තුළ සිදුවූ දරුණුතම ත්රස්ත ප්රහාරය ලෙස සැලකිණි.
ඩෝඩි සුරුඩි නමැති ඉන්දුනීසියානු තරුණයා ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට ප්රහාරය සඳහා යොදාගත් බෝම්බ සෑදීමට උදව් කර ඇති බවට ඔහුට එරෙහිව පැවති නඩුවේදී ඔප්පු විය.
කෙසේ වෙතත්, ත්රස්තවාදියෙකු බවට පත්වීමේ අවදානම සේම, නඩු තීන්දුවද තමා පිළිගන්නා බව ඔහු සිය අධිකරණ ක්රියාමාර්ගය අවසානයේදී පවසා ඇත.
මෙම ප්රහාරයට පැමිණි ත්රස්තයන් පස් දෙනෙකු ඉන්දුනීසියානු ආරක්ෂක අංශවල ප්රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 40කට වැඩි පිරිසක් පසුව අත්අඩංගුවට පත්විය.