ඇෆ්ගනිස්තානයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පසුගිය සෙනසුරාදා ඡන්දය ප්රකාශ කළ අයගේ ඇඟිලි කපා දැමීමට ක්රියාකර තිබූ තලේබාන් සටන්කාමීන් දෙදෙනෙකු ඝාතනය කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඡන්දය ප්රකාශ කළ බවට තීන්ත තැවරුණු ඇඟිලි සහිත වැඩිහිටියන් රැසකගේ ඇඟිලි මේ ආකාරයෙන් ම්ලේච්ඡ තලේබාන් ත්රස්තයන් විසින් කපා දමා තිබේ.
හෙරාට් ප්රන්තයේ ඡන්ද විමසීමෙන් පසු නැවත පැමිණෙමින් සිටි බොහෝ පිරිසක් මේ ආකාරයෙන් අල්ලාගෙන ගොස් ඔවුන්ගේ ඇඟිලි කපා දමා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මීට පෙර තලේබාන් සංවිධානය අනතුරු අඟවා සිටියේ මෙවර මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කරන අයට දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවය.