චීනයේ උතුරුදිග හෙබෙයි ප්‍රාන්තයේ ගම්මානයක සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මාධ්‍ය පවසයි.
මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සැකකටයුතු තුවක්කුකරුවන් තිදෙනෙකු සිටින බවත්, සිද්ධියෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් වැඩිදුරටත් පවසයි.
ද්විත්ව බැරල් තුවක්කුවකින් සිදුකළ විවෘත වෙඩි තැබීමක් පාලනය කිරීමට පොලීසිය උත්සාහ කිරීමේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර, එහිදී, පොලිස් නිලධාරීන් හා සැකකරුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
චීනය තුළ සාමාන්‍ය පුද්ගලයන්ට ගිනිඅවි භාවිතය සීමා කර ඇති බැවින් මෙවැනි විවෘත වෙඩි තැබීම් අතිශය දුර්ලභ සිදුවීම් ලෙස සැලකෙයි.