චීනයේ බස්රථ අනතුරකින් පුද්ගලයන් 38ක්වත් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
නගරාන්තර බස් රථයක් හා ඉන්ධන ලොරියක් එකිනෙක හැපීමෙන් දකුණුදිග චීනයේ හුනාන් ප්රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
පිටුපසින් පැමිණි ලොරිය බස් රථයේ ගැටීමත් සමග ඇතිවූ ගින්නෙන් සහ පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව කියැවෙයි.
මෙම වාහන දෙකට අමතරව ඒ ආසන්නයේ ගිය තවත් වාහන කිහිපයකටද මෙම අනතුරින් අලාභානි වී තිබේ.
හුකුන් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මාර්ගය නඩත්තු නොකිරීම හා අනාරක්ෂිත භාණ්ඩ ප්රවාහය මෙම අනතුරට හේතුව යැයි චෝදනා නැගෙයි.
අනතුර සමග ඇති වූ ගින්න නිවීමට ගිනි නිවන හමුදාවට පැය පහකට අධික කාලයක් ගත වි ඇති බවද පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් වහාම රෝහල් කරා රැගෙන ගොස් ඇත අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.