චීනයේ නගර කිහිපයක ප්රහාරයන් සමග බීජිං නුවර ආරක්ෂාව තර කෙරෙයි
චීනයේ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධ කෙරෙන රට පුරා පිහිටි ප්‍රධාන නගර තුනක් වෙත එල්ල කෙරුණු ප්රහාරයන්ගෙන් පසුව බීජිං නුවර ආරක්ෂාව තර කිරීමට චීනය පියවර ගෙන තිබේ.
ෂිංහුවා පුවත් ඒජන්සිය පෙන්වාදෙන පරිදි ත්‍රස්ත මර්දන හා ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහි හමුදා වාහන 150ක පමණ සන්නද්ධ කණ්ඩායමක් බීජිං නුවර ආරක්ෂක කටයුතුවල නිරත වනු ඇත.
ඒ අනුව, නගරයේ පෙට්ට්‍රල් මිලදී ගැනීමේ ක්රියාවලියද ආරක්ෂිතව සිදුකිරීමටද පියවර ගෙන ඇති අතර, පෙට්ට්‍රල් මිලදී ගන්නන් පොලීසියේ ලියාපදිංචි විය යුතු බවද පෙන්වාදී තිබේ.
ටියාන්මෙන් සංවත්සරයට පෙර කුන්මින්ග්, උර්ම්කි හා ගුවාන්ග්සු යන නගරවල සිදුවූ පිපිරීම් හේතුවෙන් මෙම ආරක්ෂිත පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් පෙට්ට්‍රල් මිලදී ගැනීමේදී පොලීසියේ ලියාපදිංචි වීම තුළ අනවශ්‍ය තදබදයක් නගරය පුරා ඇතිවිය හැකි බවටද චෝදනා එල්ල වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

