චීනය විසින් සඳ මතට යැවූ ජේඩ් රැබිට් නමැති ගවේෂක රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.
සඳ මතුපිට සුවිශේෂී ගවේෂණයන් වෙනුවෙන් යැවුණු මෙම රථය මේ ආකාරයෙන් අසාමාන්‍ය ලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබෙන්නේ සඳ පෘෂ්ඨයෙහි පවතින අති දුෂ්කර පරිසර තත්ත්වයන් නිසා බවද කියැවෙයි.
චීනයේ Chang'e-3 සඳ මෙහෙයුම යටතේ පසුගිය දෙසම්බරයේදී ජේඩ් රැබිට් ගවේෂක රථය සඳ මතට පතිත කරවීම සිදුවූ අතර, එය 1976 වසරින් පසුව සඳ මත සිදුවූ ප්‍රථම සැහැල්ලු පතිත වීම ලෙසද සැලකුණි.
ජනවාරි මාසය පුරා හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති රථය මෙසේ දෝෂයට ලක්වීමෙන් පසු, එය යථාතත්ත්වයට ගැනීම සඳහා විද්‍යාඥයන් යුහුසුළුව කටයුතු කරන බවද චීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.